අවසාන කොටස පෙරදැක්මෙන් මා ඉල්ලා සිටි පරිදි කතාවේ අවසානය පිළිබඳ අනාවැකි දක්වා ප්‍රතිචාර දුන් සැමට ස්තූතියි. මෙම ප්‍රතිචාර 8 වෙනි කොටසේ මුල් පිටුවේ මම ඇතුලත් කරලා තියෙනවා.
පුරා මාස තුනක් පමණ කොටස් වශයෙන් පලවූ 'අසම්මත බැඳීම' හෙවත් 'සාරදාගේ කතාව' 8 වෙනි කොටසින් මෙසේ අවසාන වේ. බොහෝ පාඨකයන් මෙම කතාව ඉක්මනින් අවසන් නොකරන ලෙස ඉල්ලා සිටියත් සත්‍ය කතාවක් පාදක කොට ලියැවී ඇති මෙම කතාව ෆැන්ටසියක් මෙන් දිගට ගෙන යාමට නොහැකි බව ඔබට වැටහෙනවා කියා මා සිතනවා.
මෙම කතාව ලිවීමට මා සිතුවේ පාඨකයන් කිහිප දෙනෙකු ලෙස්බියන් කතාවක් ලියන ලෙස මාගෙන් කල ඉල්ලීමක් නිසාය. මම මුලින්ම අදහස කලේ ලෙස්බියන් චිත්‍රපටයක් වූ “Below Her Mouth” අනුසාරයෙන් මෙම කතාව ලිවීමටය. සාමාන්‍යයෙන් මම කතාවක් ලිවීමට පෙර ඒ සම්බන්ධයෙන් කරුණු පරිශීලනය කරනවා. මෙසේ අන්තර්ජාලයේ කරුණු සොයන විට මට අහම්බෙන් මෙන් සාරදාගේ කතාවේ විස්තරය ලංකාවේ ප්‍රධාන පුවත්පතක විශේෂාංගයක් ලෙස දැක ගන්නට ලැබුනා. මේ විස්තරය කියවීමෙන් පසු “Below Her Mouth” වෙනුවට මෙම සත්‍ය කතාව පාදක කොට කතාව ලිවීමට මම තීරණය කලා.
මෙම කතාවේ බොහෝ සිද්ධීන් සත්‍ය සිද්ධි මෙන්ම ප්‍රධාන චරිතයවූ සාරදාත්, අනු චරිතවූ සුමනාවතී, හසිනි, කමනි, කුලසිරි සහ ජයනි සත්‍ය චරිතවේ . අනන්‍යතාවය සුරැකීමට නම් ගම් වෙනස් කොට තිබේ. කතාවේ රසය වැඩි කිරීමට රොමා, ජාසොන්, හිමාෂි, කිෂානි, අසංක, භානුක, චානක සහ රමණි යන නිර්මාණාත්මක චරිත යොදා ගත් අතර සමහර නිර්මාණාත්මක සිද්ධීන්ද ඇතුලත් කොට තිබෙනවා.
මෙම කතාවේ නම ලෙස මා මුලින් අදහස් කල නාමය වූයේ 'සාරදාගේ කතාව' යනුවෙන්ය. එහෙත් පසුව එය 'අසම්මත බැඳීම' යනුවෙන් වෙනස් කරා. ඒකට හේතුව මම කියන්නම්. අන්තර්ජාලයේ 'අසම්මත බැඳීම' යනුවෙන් සිංහලෙන් සොයා බැලීම (google) කල විට සාරදාගේ කතාවේ විස්තරය ඇතුලත් විශේෂාංගය සොයා ගැනීමට පුලුවන් වෙනවා. එහෙත් මම ඉල්ලා සිටින්නේ මෙම සොයා බැලීම කිරීමට පළමුව 8 වෙනි කොටස කියවා සිටින ලෙසටය. එසේ නැතහොත් ‘spoilers’ හින්දා කතාවේ රස වින්දයට බාධාවක් වෙනවා.
සාරදාගේ කතාවේ අවසානයත් සමග මම පාඨක ඔබ සැමට යමක් පවසන්න තියෙනවා. එනම්, මගේ ශෘංගාරී කතා ලිවීමට මෙතැන් සිට නැවතීමේ ලකුණ තබන බවය. මෙය සදාකාලික නැවතීමක් නොවෙන්න පුලුවන්. ඒත් තව සෑහෙන කාලෙකට මගේ කතාවක් කියවන්න ලැබෙන එකක් නැහැ. මම දැන් කාර්ය බහුලත්වයත් එක්ක වෙහෙසට පත් වෙලා තියෙනවා. අපි යථාර්තයට මූණ දෙන්න ඕන. ඒ කියන්නෙ කිසිම දෙයක් සදාකාලික නැහැ කියන එක. දැන් නවක රචකයො ඉදිරියට එන්න ඕන. එතකොට තමයි ලෝකය ඉස්සරහට ගමන් කරන්නෙ.
මෙතුවක් කල් මා සමග රැඳී සිටි පාඨක පිරිසට මම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
ඔබ සැමට සදා ජය.
මනෝ
from Sinhala Wal Katha https://ift.tt/2O3EJ6m
via IFTTT